ලියූ කවි පද දහක් අතරේලියා ගන්නට බැරිව ලතැවුනඑකම එක දිග පුංචි කවියක්තවම ලියනවා මං. . . .තවම ලියනවා මං. . .නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේකියා ගන්නට බැරිව සැනහුනුඑකම එක දිග පුංචි පැතුමක්තවම පතනවා මං. . .තවම පතනවා මං. . .උණුසුමක් රැදි පළල් උරයකවෙලී සැතපී නිදන යුගයකනුඹෙ සුසුමක් සමග මියැදීයන්න තිබුනා නම්. . .මගෙ දෙනෙත්පෙති තෙමා රිදවනකදුළු නැ එහෙනම්. . .සදවතක රැදි සදළු තලයකතරු කැටක් වී රැදුනු දවසකලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟරැදී නොතිබුනි නම්. . .මගෙ දරදඩු පිරිමි සිත යටකඳුළු නැ එහෙනම්. . . . . . . . . . .
ලියූ කවි පද දහක් අතරේ
ReplyDeleteලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං. . . .
තවම ලියනවා මං. . .
නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං. . .
තවම පතනවා මං. . .
උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්. . .
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්. . .
සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්. . .
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්. . . . . . . . . . .